ඓතිහාසික තොරතුරු ( History of Karuwalagaswewa Divisional Secretariat ) 

ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සමාජ,ආර්ථික,දේශපාලනික හා සංස්කෘතික දායාදයන්ට නෑකම් දක්වන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුරාධපුර යුගයෙන් ඔබ්බටත් ගිය ඉතිහාසයක් පවතී. ඒ බව පහත ඓතිහාසික දායාදයන්ට නව පනගන්වමින් වර්ථමානයේ දැක ගත හැකි ඉදිකිරීම් හා දැනටත් ශේෂව හා නටබුන්ව පවතින ප්‍රජා ජන සංස්කෘතික අංග හා පුරා විද්‍යා නටබුන් ස්ථාන දෙස බැලීමේ දී පෙනී යයි.

  • මෙරට ප්‍රථම ජනාවාස පිළිබඳ තොරතුරු හා ආසන්නව එන කුවේනියගේ ජනාවාසය , මෙම කොට්ඨාසයේ තබ්බෝව පහළ පුලියන්කුලම ප්‍රදේශ යාව පිහිටීම.රණවරා වැව ඉදිකිරීමේ දී මතු වූ පුරා විද්‍යාත්මක සාධක හා දැනට තබ්බෝව අභයභූමි රක්ෂිතයේ පවතින එකිනෙකට යාව හා සම්බන්දව පිහිටි වැව් ආශ්‍රයෙන් එය පැහැදිලි වේ. එනම් මෙම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා සාරවත් පසක් හා ජල සම්පාදන ක්‍රමයක් පැවති බවත් , ඒ යටතේ ඉහත ජනාවාස පවතින්නට ඇතැයි යන ප්‍රදේශයේ බහුතර ජනයා අතර පවතින මතය තහවුරු කරන සාධක ලෙස ඒවා පවතී.
  • 11වන අග්බෝ රජු කරවන ලඳ තබ්බෝව වැව මුල් කර තබ්බෝව ව්‍යාපාරය නමින් ගොවි ජනපදය ආරම්භ කිරීම.
  • දුටු ගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි නීල මහා යෝධයා කලා ඔය අසල බදින ලද අමුණ සංවර්ධනය කර නීලබැම්ම ව්‍යාපාරය නමින් ගොවි ජනපදයක් ආරම්භ කිරීම.
  • සාලිය කුමරා වාසය කරන ලද ප්‍රදේශයක් ලෙස නටබුන්ව පවතින විලඳගොඩ පුරා විද්‍යා ස්ථානය පහළ පුලියන්කුළම පිහිටා තිබීම.
  • පුරාණ විහාරස්ථාන රැසක් මෙම කොට්ඨාසයේ පිහිටා තිබීම.
  • තබ්බෝව අයියනායක දේවාලය අතුළු ප්‍රජාව පූජා උත්සවය තබන දේවස්ථාන පිහිටීම.
  • වැව් ආශ්‍රිතව අලුත් සහල් මංගල්‍යන් වාර්ෂිකව පැවැත්වීම.                                                                 

Role performed at DS

Name From To
එන්.බී.විජිත ශ්‍රි පියතිලක 1991 1992
එස්.ආර්. ලෝරන්ස් 1992 1993
එච්.පී.එස්. හියරාපිටිය 1994 1995
ඩබ්.ජේ. විමලසේන 1996 1996
ඩී.එම්. සෝමතිලක 1997 1999
එච්.එම්. සෝමතිලක 2000 2001
එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර (වැ.බ) 2002 2002
ආර්.අයි.බී.ආර්.බී. රත්නමලල 2002 2005
එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර 2005 2008
එච්.එස්.එස්. ලූසේනා 2008 2009
ඒ.එම්.සී.එම්. ප්‍රේමසූරිය 2009 2014
රවින්ද්‍ර වික්‍රමසිංහ (වැ.බ) 2014 2014
ජනක තුෂාර බාලසූරිය 2014 2025
එස්. මාතර ආරච්චි 2025 මේ දක්වා

News & Events

29
Jul2026
 සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

"🌿 සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"...

01
Jan2026
Committed to Public Service – New Year 2026

Committed to Public Service – New Year 2026

With the commencement of the New Year...

Scroll To Top